දිනක නෙතු ගැටී
නන්නාදුනනා යුවලක්
ලබාගනී එකිනෙකාගේ
ජංගම දුරකතන
අංකයන්....
රැයක් දවාලක්
නොමැතිව
online FB
Skype
Call Chatting මල්
සතියයි මාසයයි
හමුවුනා සති අන්තෙක
නැවතුනා රෝද තුන
දිගුකල අතකට....
පැය හයයි ෆ්‍රයිඞ් රයිස් දෙකයි
රුපියල් දෙදාහයි
පැය දෙකයි දිග හුස්මයි
අවසානයි....!!!
දවසයි දෙකයි
FB නැහැ
Skype Online නැහැ
ඔබ ඇමතු අංකයෙන්
ප්‍රතිචාරයකුත් නැහැ...
අම්මේ.....
කියපන්
ඔය වැඩෙ
කරපු එකා
ඉන්නෙ කොහෙද කියලා....
මෙන්න අම්මේ
ඇඩ්රස් එක....
....@gmail.com...??????
No comments:
Post a Comment